Gossips

ඉරණමඩු ජලාශයට මසුන් ලක්ෂයක් මුදාහැරීමේ වැඩසටහනක්

කිලිනොච්චියේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් මසුන් ලක්ෂයක් මුදාහැරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
එහි පළමු අදියර ලෙස මිිරිදිය මසුන් 50,000 ක් මුදාහැරිම ඊයේ සිදුකළේ 15 වන සිංහ රෙජිමේන්තුව විසින්.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාවෙන් ඉරණමඩු ජලාශය පිටාර ගැලිමත් සමඟ එහි සිටි මත්ස්‍යයින් විශාල වශයෙන් අඩුවී තිබෙනවා.
මෙහි දෙවන අදියර ලෙස තවත් මිරිදිය මසුන් 50,000 ක් ඉරණමඩු ජලාශයට මුදාහැරීම ලබන 20 වනදා සිදු කෙරෙනු ඇති.