ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව තම භාරයට ගත් සැකකරුවන් හයදෙනොගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ මෙම සැකකරුවන් හයදෙනා මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අලූයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා.
අලූයම 4.45 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි ඔවුන් අතර මධුෂ්ගේ බාප්පා මෙන්ම ඥාති සහෝදරයෙකුද සිටිනවා.
බාප්පා, සයිමන් හේවගේ ලෙස හඳුනාගෙන ඇති අතර, ඥාති සොහොයුරා නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තෙක්.
මොහොමඩ් රිසාන් මොහොමඞ් බදුර්දීන්, ගයාන් බුද්දිම පෙරේරා, මොහොමඞ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ සහ යන අය සෙසු පිරිසට අයත්. ඒ අතර මාකඳුරේ මධුෂ්ගේ මිතුරන් කිහිපදෙනෙකුද සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවේ පසුවූ 15 දෙනෙකු මීට පෙර දිවයිනට පැමිණි අතර, අද අලූයම පැමිණි මෙම 6 දෙනාද සමඟ එම පිරිස 21 දක්වා ඉහළ යනවා.