Gossips

ඉන්දුනීසියානු මහ මැතිවරණය අදයි

ඉන්දුනීසියානු මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
මෙවර මැතිවරණයේදී එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් දිනකදී තෝරා පත් කරගැනීම විශේෂත්වයක්.
ඡන්දය භාවිත කිරිම සඳහා මිලියන 190 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙවර ඉන්දුනීසියානු මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වන්නේ චීනයේ නව සේද මාර්ගයට සම්බන්ධ ආයෝජන ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද යන්නයි.
මැතිවරණයේදී හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ප්‍රබෝවෝ සුබිඅන්ටෝ වත්මන් ජනාධිපති ජොකෝ විඩෝඩෝට අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි.