Gossips

මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 06ක් දිවයිනට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් හයදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද (17) අලුයම 4.45 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි.
පිරිස අතර නිලාන් රොමේෂ් සමරසිංහ නැමති මධුෂ්ගේ ඥාති සහෝදරයෙකු ද සිටිනවා.
අනෙක් පිරිස වන්නේ මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, ගයාන් බුද්දිම පෙරේරා, මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ සහ සයිමන් හේවගේ යන අයයි.
මීට පෙර මධුෂ් සමඟ අත්අඩංගුවේ පසුවූ 15 දෙනෙකු දිවයිනට පැමිණි අතර, අද (17) පැමිණි 06 දෙනා සමඟ එම පිරිස 21 දක්වා ඉහළ යනවා.