Gossips

‘‘නොට්රඩාම්’’ දෙව් මැදුර, මුදාගැනීම පිටුපස,තීරණාත්මක අඩහෝරාවක්

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘‘නොට්රඩාම්’’ දේවස්ථානයේ ඇති වූ ගින්න තවත් පැය භාගයක කාලයක් පැතිර ගියේ නම් සම්පූර්ණ දේවස්ථානයම විනාශවීමට ඉඩ තිබූ බව ප්‍රංශ බලධාරීන් පවසනවා.
එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ තීරණාත්මක අඩහෝරාවක් තුළ දෙව් මැදුර මුදාගත් බවයි.
ගින්න දේවස්ථානයෙන් වහලය කරා ව්‍යාප්ත වී අසල තිබූ වීදුරු ජනේල සහ දැවමය භාණ්ඩ විනාශ කරමින් මුදුනත පිහිටි පිරමීඩාකාර කොටසට ද පැතිර ගියා.
ගොඩනැගිල්ලේ ප්‍රධාන කුළුණු දෙක ඇතුළු ශෛලමය සැකිල්ල ආරක්ෂා කර ගැනීමට පැය 9 ක් පුරා දැරූ උත්සාහයකින් අනතුරුව, ගිනි නිවන භටයින් සමත්වූ නමුත්, වහළය සහ මුදුනත පිහිටි පිරමීඩාකාර කොටස ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, දේවස්ථානයේ තැන්පත් කර තිබූ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේදී හිස පැළඳි කටු ඔටුන්න බේරා ගැනීමට ප්‍රංශ ගිනි නිවන භටයින් සමත් වුණා.