Gossips

මහියංගණයේ අනතුරකින් කුඩා ළමුන් ඇතුලු 10 දෙනෙකු මරුට

මහියංගණය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් 3 දෙනෙකු ඇතුලු දස දෙනෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම 1.15ට පමණ මහියංගණය ජාතික පාසල අසලදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මහියංගණය සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිකුණාමලය සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ දස දෙනෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 12 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම පිරිස අතර කාන්තාවන් 3 දෙනෙකු ද වන බව සඳහන්.