Gossips

හිසතෙල් ගෑමේ නැකත හෙට

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට දිනයට යෙදී තිබෙනවා.
මෙවර හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 17 වැනි බදාදා එනම් හෙට දිනයේ පූර්ව භාග 7.40 ට යෙදී තිබෙනවා.
අවුරුදු නැකැත් සීට්ටුවේ සදහන් වන්නේ පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන්පත් ද තබා කෙහොඹ යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම මැනවි යනුවෙනුයි.
එම නැකැත් චාරිත්‍රය හිරු ටී.වී. ඔස්සේ හෙට පෙරවරුවේ සිට සජීවීව ගෙන එන්නේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ සිටයි.
අලුත් අවුරුද්ද්දේ අවසන් චාරිත්‍රය වන රැකී රක්ෂා සදහා පිටත්ව යෑම අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දාට යෙදී තිබෙනවා.