Gossips

වියානා ඇළ වේල්ල මතදී මෝටර් රථයක් පෙරලී 05ක් රෝහලේ

මහියංගනය – බදුල්ල මාර්ගයේ වියානා ඇළ වේල්ල මතින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඇලේ ප්‍රතිවිරුද්ධ දෙසට ඇදී ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇති බවයි.
බදුල්ලේ සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අද මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, තුවාල ලැබූවන් මේ වනවිට මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.