Gossips

ඉන්දියාව උනන්දු නොවූ දෙයක් ගැන හිටපු ජනපති කියයි

තම පාලන සමයේ ඉන්දියාව සමඟ ඉතා සමීප සබඳතා පැවතුණ ද මෙරට ව්‍යාපෘති සඳහා ඉන්දියාව උනන්දුවක් නොදැක්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව හින්දු පුවත්පත ප්‍රකාශ කළා.
ඒ, ඉන්දීය සංචාරය අතරතුර ඔහු මාධ්‍ය වෙත පළ කළ අදහස් උපුටා දක්වමින්.
වරාය සහ අධිවේගී මාර්ග තැනීම සඳහා ඉන්දියාව කිසිදු උනන්දුවක් නොතිබුණු බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එහෙත් චීනයට කළ ආරාධනය ඔවුන් පිළිගත් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
මේ අතර, අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා කොමසාරිස්වරු පත් කිරීම තුළින් ආණ්ඩුවේ පාවාදීමේ වැඩපිළිවෙල යළිත් පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අද හෝකන්දර පැවති උත්සවකින් එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.