Gossips

රේගු නිශ්කාෂණ සඳහා ජුනි 01 සිට ඊ අත්සන

රේගු භාණ්ඩ නිශ්කාෂණ සහ අපනයන කටයුතුවලට අදාළ ලිපිගොනුවලට යොදන ඉලෙක්ට්‍රොනික අත්සන් පිළිගැනීම ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රේගුව අපේක්ෂා කරනවා.
අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කෙරෙන රේගු කටයුතුවලට අදාළ ප්‍රකාශන පෝරමද මෙලෙස පිළිගැනීමට කටයුතු කෙරෙනු ඇති.
රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාල්ස් ප්‍රකාශ කළේ දේශ සීමා හරහා වෙළඳ කටයුතුවලට උපරිම ප්‍රවේශයක් සැලසීම මෙමඟින් අපේක්ෂා කරන බවයි.
ආනයන අපනයන වෙළඳ කටයුතු කඩදාසි පෝරමවලින් තොරව සිදුකිරීමටද මෙම ඉලෙක්ට්‍රොනික පෝරම සහ අත්සන් භාර ගැනීමෙන් ඉඩ සැලසෙනවා.