Gossips

ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් මූලස්ථානයට

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, උන්වහන්සේගේ නම භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශයක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරුවීම හරහා උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් ඇති වන බව පවසමින්.
අම්පාර ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන් සිදුකළ ප්‍රකාශයක් පිළිබදව සමාජ මාධ්‍යවල සඳහන් වූ අතර තමන් එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බව උන්වහන්සේ කියා සිටියා.