Gossips

නාවික හමුදා සෙබළෙකු දියේ ගිලී මරුට

බලන්ගොඩ සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයට පහලින් ඇති නාන තොටුපලේ දිය නෑමට ගිය නාවික හමුදා සෙබලෙක් මියගොස් තිබෙනවා.
ඔහු ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට අනියුක්තව සේවය කළ තරුණයෙක් බවටයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.
මියගොස් ඇති නාවික සෙබලා තවත් පිරිසක් සමඟ එම ස්ථානයේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවකදීයි මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ.
පැය කිහිපයක් එම ස්ථානයේ දිය නෑමෙන් අනතුරැව අනෙක් පිරිස ආපසු පැමිණෙමින් සිටියදීයි මියගොස් ඇති තරුණයා නොමැති බව දැක ඇත්තේ.
අනතුරුව එම පිරිස නැවත තමන් දිය නාමින් සිටි ස්ථානයට ගොස් සිදුකළ සොදිසිකිරීමකදීයි මියගොස් සිටි තරුණයාගේ සිරුර හමුව ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර සමනල වැව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.