Gossips

අල්ලස් චෝදනා නිසා තමිල්නාඩුවේ වෙල්ලෝර් ඡන්දය අවලංගු කෙරේ

තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ. පක්ෂ අපේක්ෂකයෙකුගේ කාර්යාලයෙන් විශාල මුදල් තොගයක් සොයා ගැනීමත් සමඟ වෙල්ලෝර් ආසනය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අවලංගු කර තිබෙනවා.
රුපියල් දස ලක්ෂ 50,000 ක මුදලක් එම අපේක්ෂකයාගේ කාර්යාලයෙන් සොයාගෙන ඇති අතර, තවත් ඩී.එම්.කේ. පක්ෂ නායකයෙකුගේ නිවසෙන් එකොලොස් ලක්ෂ 53,000 ක මුදලක් සොයා ගැනුණා.
මෙම මුදල් ඡන්ද දායකයන්ට අල්ලස් ලෙස ලබාදීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මහ මැතිවරණය පසුගිය 11 වැනිදා ආරම්භ වූ අතර, අදියර 07 කින් ක්‍රියාත්මකයි.