Gossips

ඇමරිකාවේ ටෝනේඩෝ සුළි කුණාටුවලින් 08 දෙනෙකු මියයයි

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තවලට බලපා ඇති ටෝනේඩෝ සුළි කුණාටු වැලක් හේතුවෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ටෝනේඩෝ සුළි කුණාටු 11 ක් පමණ ටෙක්සාස්, මිසිසිපි සහ ලුවිසියානා ප්‍රාන්තවලට බලපා ඇති අතර, ටෙක්සාසයේ ගොඩනැගිලි 60ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති බව සඳහන්.
මෙම ප්‍රාන්තවලට මෙන්ම ඇමරිකානු නැගෙනහිර වෙරළාසන්නයේ පිහිටි ඔහායෝ, දකුණු කැරොලයිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලටද ටෝනේඩෝ සුළි කුණාටු අවදානම් නියෝග නිකුත් කෙරුණා.
ඇතැම් ස්ථානවල ජල ගැලීම් වාර්තා වන අතර, සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවූ බව විදෙස් වාර්තා සඳහන් කළා.