Gossips

අඟහිගකම් නිසා සරසවි අධ්‍යාපනය සිහිනයක් වූ දැරියකගේ කඳුළු කතාව

තම පවුලේ ඇති අගහිගකම් හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිහිනයක් වු සිසුවියක් පිලිබද පුවතක් අපට වාර්තා වුණා.
මේ මොණරාගල මකුල්ආර ප්‍රදේශයේ ජීවත්වන දිනුෂා කුමාරිගේ කතාවයි.
W.M දිනූෂා කුමාරි උසස් පෙළ විභාගය සදහා කලා අංශයෙන් මුහුණ දෙන්නේ 2017 වසරේදී.
හිසටත් ඉහළින් ඇති, දරිද්‍රතා බාධකය දිනුෂාට සරදම් කලද ඇගේ විභාග ප්‍රතිඵල ඇයටත් ඇගේ පවුලේ සාමාජිකයන්ටත් ගෙනාවේ අනාගතය පිලිබද සුභ සිහින රාශියක්.
දිනුෂා විභාගය සමත්වන්නේ දිස්ත්‍රික්කයෙන්ම 178 වන ස්ථානයට උරුමකම් කියමින්.
නමුත් දහසකුත් එකක් බාධක ජයගෙන ලබාගත් විශ්වවිද්‍යාලය අධ්‍යාපන ජයග්‍රහණය භුක්ති විඳින්නට ඇයගේ ද්‍රරිද්‍රතාව බාධාවක් වී තිබෙනවා.