බීමතින් විහාරස්ථානයට පැමිණ හිමිනමකට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
රාජාංගනය – සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකටයි ඔවුන් මෙලෙස අද පහරදී ඇත්තේ.
පහරදුන් පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් වන අතර, බීමතින් විහාරස්ථානයට නොපැමිණෙන ලෙස සිදුකළ අවවාදයට උරණ වීමෙනුයි හිමිනමට පහරදී ඇත්තේ.
ඊට මැදිහත් වූ විහාරස්ථානයේ රැදී සිටි ගිහි පුද්ගලයෙකුට ද ඔවුන් පහරදී ඇති බවයි පොලීසිය සදහන් කළේ.