Gossips

පුද්ගලයෙකුට මරු කැඳවූ ආරවුල

නොච්චියාගම, රළපනාගම ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර සිදුවූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) සවස සිදුවූ මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිස්සංක කුමාර නැමැති 38 හැවිරිදි අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
නොච්චියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.