Politics Sri Lanka

පුංචි ආණ්ඩුවල ජවිපෙ මන්ත්‍රීවරු හෙට කොළඹට

පුංචි ආණ්ඩුවල ජවිපෙ මන්ත්‍රීවරු හෙට කොළඹට

මෙවර (2018) පළාත් පාලන මැතිවරණයේදී තේරි පත්වවූ ජනතා විමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන මන්ත්‍රීවරු හෙට (03) කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

මෙහිදී නව පළාත් පාලන ආයතන පනත අනුව ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරිමටත්, ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමටත් නියමිතව ඇත.

එමෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන් ලෙසට ජනතාවට සිදුකළ යුතු සේවාවන් පිළිබඳවද මෙහිදී එම මන්ත්‍රීවරු දැනුවත් කිරීමටද නියමිතව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකයන් සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු යොදා ඇත.