Gossips

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

බොරැල්ල – මැගසින් බන්ධනාගාරය තුළට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 44 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙම පුද්ගලයා ඊයේ බන්ධනාගාරගතව සිටින රැඳවියෙකු බැලීමට පැමිණි අවස්ථාවේ මෙලෙස හෙරොයින් බන්ධනාගාරය තුළට රැගෙනවිත් තිබෙනවා.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.