Gossips

රන් මිලේ කැපී පෙනෙන අඩුවක්

ලෝක වෙළඳපොලේ රන් මිල ගත වූ සතිය තුළ කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
සති අන්තය වනවිට රන් අවුන්සයක මිල ඩොලර් 1300 සීමාවට වඩා පහත වැටුණු අතර, එම මිල සටහන් වූයේ ඩොලර් 1290 යි ශත 70 ක් ලෙසයි.
ආයෝජකයන් ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ යෑමක් අපේක්ෂා කිරීම මෙලෙස රන් මිල පහත වැටීමට හේතුවක්.
කෙසේ නමුත්, ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය, මෙන්ම බ්‍රික්සිට් අස්ථාවරත්වය හේතුවෙන් රන් මිලෙහි යම් ස්ථාවරත්වයක් තවදුරටත් පවතිනවා.
එමෙන්ම, ඉන්දියාවේ එළැඹෙන විවාහ මංගල සමය හේතුවෙන් ඉල්ලුම ඉහළ යෑම නිසා රන් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බව සඳහන්.