Gossips

ටයිගර් වුඩ්ස් විරාමයට තිත තබයි

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම ගොල්ෆ් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ටයිගර් වුඩ්ස් වසර 11 කට පසු ප්‍රධාන පෙලේ තරඟාවලියක් ජය ගැනීමට සමත් වී සිටිනවා.
ඇමරිකාවේ ඔගස්ටා ගොල්ෆ් තරඟාවලිය ඊයේ ඔහු මෙලෙස ජයග්‍රහණය කළ අතර, එවැනි ප්‍රධාන පෙලේ ජයග්‍රහණයක් ඔහු අවසන් වරට වාර්තා කළේ 2008 වසරේදීයි.
එමෙන්ම, එය ඔහු ක්‍රීඩා දිවියේදී ලද 15 වන ප්‍රධාන පෙලේ ජයග්‍රහණයද වනවා.
43 හැවිරිදි ටයිගර් වුඩ්ස් දිගු විරාමයකින් පසුව ලද මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමාද සුබ පැතුවා.