Gossips

කාන්තාවකට අතවර කරන්න පැමිණි හිමිනමක් අත්අඩංගුවට

නිවසේ නාන කාමරයේ දිය නාමින් සිටි කාන්තාවකට ලිංගික අතරව කිරිමට තැත්කල බව කියන හිමිනමක් අද (02) කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, පුවක්දෙනිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බවයි වාර්තා වන්නේ.
සැකකාර හිමිනම විසින් 42 හැවිරිදි කාන්තාවකට මෙලෙස අතරව කිරිමට උත්සහ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
විහාරස්ථානයට යාබද නිවසක කාන්තාවක් සිය නිවසේ නාන කාමරයට ගොස් දිය නාමින් සිටියදි සැකකාර හිමිනම නිවසේ නානකාමරයට ඇතුල් වී එම කාන්තාවට අතවර කිරිමට තැත්කර ඇති බව සඳහන්.
පසුව අදාල කාන්තාව හිමිනමගේ ග්‍රහනයෙන් මිදි සිය පවුලේ ඥාතීන්ට සිද්ධිය පිළිබඳව දනුවත්කර ඉන් පසු කෑගල්ල පොලිසියට පැමිණිලිකර තිබෙනවා.
සැකකාර හිමිනම සිය චීවරයද අදාල කාන්තාවගේ නාන කාමරයේ දමා ගෙමිදුලේ රෙදි වැලක දමා තිබු කාන්තවගේ කලිසමක්ද හැඳ විහාරස්ථානයට ගොස් ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් සිද්ධියට මුහුණ පෑ කාන්තවගේ නිවසේ නාන කාමරය පරීක්ෂා කිරීමේදී එහි තිබී සැකකාර හිමිනමගේ චීවරය සොයා ගැනිමට හැකිවි ඇති අතර පසුව විහාරස්ථානය සෝදිසි කිරිමේදී අදාල කාන්වට අයත් හිමිනම විසින් හැඳ ගෙන ආ බව කියන කලිසමද සොයාගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ද සැකකාර හිමිනම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) දින ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බව සඳහන්.