Gossips

පැළ සිටුවීමේ විශේෂ නැකත් චාරිත්‍රය 11.17 ට

සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට මෙවර පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ද එක් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් අනුව එය අද පූර්වභාග 11.17 ට තුන් පොකුරු යෝගය යෙදී ඇති සුබ මොහොතින් සිදුකිරීමට නියමිත බවයි.
ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සිදුකළ යුතු බව සඳහන්.
මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් සිය පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වනදා පූර්වභාග 7.40 ට යෙදී තිබෙනවා.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ 18 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 4.52 ටයි.