Gossips

පසුගිය වසරට සාපේක්ෂව උත්සව සමයේ අනතුරුවල ඉහළ යාමක්

ගත වූ පැය 48 ක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 413 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක ඉහළ යාමක් බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක කියා සිටියේ.
මහාමාර්ග අනතුරුවලින් තුවාල ලැබූවන් 113 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත්ව ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව එම සංඛ්‍යාව 6% ක පහළ යෑමක්.
නිවසේ සිදුවූ අනතුරුවලින්ද පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එය 22% ක ඉහළ යෑමක් බව සඳහන්.
හිංසන ක්‍රියා හේතුවෙන් රෝහල්ගත වූවන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 35% කින් පහත වැටී ඇති අතර, මේ වසරේදී පුද්ගලයින් 36 දෙනෙකු ජාතික රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් වී තිබෙනවා.
පසුගිය වසරේ ගිනිකෙලි අනතුරුවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර, මේ වසරේදී එලෙස ගිනිකෙලි අනතුරුවලින් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව 06 දෙනෙක්.
කෙසේ වෙතත්, උත්සව සමයේදී අනතුරු සාපේක්ෂව ඉහළ යන බැවින් මහජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි කොළඹ ජාතික ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යාණි සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.