Gossips

වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුනා.
දීර්ඝ කාලයක් පුරා ප්‍රතිසංස්කරණයට ලක් නොවු උතුරු, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල පැරණි වැව් 2400 ක් මේ යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.
එහි පළමු වැව ලෙසට මින්නේරිය හිගුරක්ගොඩ ප්‍රදේශයේ චන්දන පොකුණ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුනා.
මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මාන්තයට සහ ආහාර නිශ්පාදන ක්‍රියාවලියට නව ජවයක් ලබාදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.
පසුගිය රජයන් යටතේ ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වුව ද විධිමත් සැලසුම් නොමැතිවීම හේතුවෙන් ඒවා අසාර්ථක වු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියා.