Gossips

ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකට පාකිස්ථානයෙන් ඇරයුම්

ශ්‍රී ලංකාව සමඟ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියක් පාකිස්ථානයේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.
අයි.සී.සී. සමාරම්භක ලෝක ටෙස්ට් ශූරතාවලියේ අදියරක් ලෙස එම තරඟාවලිය පැවැත්වීම පාකිස්ථානයේ අරමුණයි.
කෙසේ නමුත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් තීරණයක් දැනුම්දී නැහැ.
අදාළ අනුමැතිය ලැබුණු වහාම ටෙස්ට් තරඟාවලිය සඳහා කාල සටහන නිකුත් කරන බවයි පාකිස්ථාන පාලක මණ්ඩලය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර, එම ටෙස්ට් තරඟ දෙක කරච්චි සහ ලාහෝර් නගරවලදී පැවැත්වීමටයි පාකිස්ථානය සැලසුම් කර ඇත්තේ.
2009 වසරේ මාර්තු 3 වනදා ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල රැගත් බස් රථයට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ශ්‍රී ලංකා පිල පාකිස්ථානයේ ටෙස්ට් සංචාරයක නිරත වූයේ නැහැ.