Gossips

ශ්‍රී ලංකාවෙන් වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක්

වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක් මේ වන විට දිවයිනට බලපා තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම එල්නිනෝ තත්ත්වයද මීට බලපා ඇති බවයි.
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පුද්ගලයින් තුන් ලක්ෂ දොලොස් දහස් අසු පස්දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
වියළි කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ලව ඇත්තේ උතුරු මැද හා වයඹ පළාත්වලටත් හම්බන්තොට, මොණරාගල, ගම්පහ, ත්‍රිකුණාමලය, මන්නාරම ,වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලටයි.
බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙන්නේ 1880 වසරෙන් පසුව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුණේ මේ වසරේදී බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වසර 30ට සාපේක්ෂව උතුර, උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ මධ්‍යම , සබරගමුව, දකුණ , ඌව,වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි ඇති වන බවයි.