Gossips

අනුරපුරට සහ දකුණු පළාතට තද වැසි

අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සහ දකුණු, මධ්‍යම පළාත්වලට තද වැසි ඇතිවී තිබෙනවා.
කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවේ දැක්වෙන්නේ මීට අමතරව සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලටද අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
මේ අතර එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ සබරගමුව, මධ්‍යම සහ ඌවපළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට නවලටමි.මී. 50 ට වැඩි තරමක තදවර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.