Gossips

බීමතින් රිය පැදවූ 237 ක් අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුල බීමතින් රිය පැදවූ රියදුරන් 237 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, රථ වාහන නඩු ලබා ගැනිම් 6651 ක් ද, සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.
පසුගිය 11 වනදා සිට මේ දක්වා බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන නඩු 26,425 ක් ලබා ගෙන තිබෙනවා.