Gossips

නේපාලයේ ගුවන් යානයක්, හෙලිකොප්ටර් යානා දෙකක ගැටේ – තුන්දෙනෙකු මරුට

ගුවන් යානා ගොඩබැස්සවීම සහ නැංවීම අතිශයින් දුෂ්කර ගුවන්තොටුපලක් ලෙස සැලකෙන නේපාලයේ එවරස්ට් කඳු කලාපයේ ලූක්ලා ගුවන්තොටුපලෙන් නික්මුණු ගුවන් යානයක් හෙලිකොප්ටර් යානා දෙකක ගැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරට ලක්වූ ගුවන් යානයේ සහාය නියමුවා සහ ගුවන්තොටුපලේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.
එවරස්ට් කඳුතරණ සමය අප්‍රේල් මාසයේ ආරම්භ වීමත් සමඟ මෙම ගුවන්තොටුපල පැවතුණේ් කාර්ය බහුල තත්ත්වයකයි.
කෙසේ නමුත්, එරට ගුවන් ආරක්ෂණ ප්‍රමිතීන් පහළ මට්ටමක පවතින අතර, පසුගිය පෙබරවාරියේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් නේපාල සංචාරක අමාත්‍යවරයා ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.