Gossips

අලූත් අවුරුදු උදාව තවත් හෝරා කිහිපයකින්

නොනගතයේදී පුණ්‍ය කටයුත්තක නිරතවීම ජීවිතයේ අලූත් ආරම්භයකට හොඳ පදනමක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ගතවන පුණ්‍ය කාලය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.
මෙවර සිංහල දෙමළ අලූත් අවුරුදු උදාව අපරභාග 2.09 ට සිදුවනවා.
මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී තිබෙනවා.
එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළු බඩු ඇතුළත් අග්ගලා සහ කැවුම් පිළියෙළ කරගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 03.54 ට යෙදෙන සුබ මොහොතින් සිදුකළ යුතුයි.
රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.
මෙවර අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වැනිදා පූර්ව භාග 7.40 ට යෙදී ඇති අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 4.52ට යෙදී තිබෙනවා.