Gossips

අලුත් අවුරුද්ද ගැන දේශපාලන අදහස්

මැතිවරණ වසරක් ලෙස සියල්ලන් අපේක්ෂා කරන මේ සිංහල දෙමළ අලූත් අවුරුද්දේ දේශපාලන පක්ෂවල බලාපොරොත්තු විවිධාකාරයි.
හිරු ප්‍රවෘත්ති අංශය ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසා සිටියා.
පුළුල් සන්ධානයක් මගින් ඉදිරි සියලූ මැතිවරණ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා.
උදාවන අලූත් අවුරුද්දෙන් පසු සිය පක්ෂය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව අප කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.
අලූත් අවුරුද්දෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයකට සූදානම් වීමට අදාළ කටයුතු සිදුකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
ඒකාබද්ධ විපක්ෂය උදාවන අලූත් අවුරුද්දෙන් පසුව විශේෂ තීන්දු තීරණවලට එළඹෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එළඹෙන සතියේ තමිල්අරසු පක්ෂයේ සාමාජිකයින් රැස්වී ඉදිරි දේශපාලන තීන්දු තීරණ පිළිබඳව සාකච්ඡා සිදුකරන බවයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කඩිනමින් මහ මැතිවරණයක අවශ්‍යතාවක් පවතින බව පෙන්වා දුන්නා.