Gossips

කෝටි 500 ක් වටිනා හෙරොයින් ඉන්දීය මුහුදෙන් ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

ඉන්දීය මුහුදු තීරයේදී යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගනු ලැබූ අතර, ඉරාන ජාතිකයන් 9 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.
ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකය, වෙරළාරක්ෂකයන් සහ සමුද්‍ර කාර්යසාධක බලකාය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමේදී ඉරාන ජාතිකයන් ඔවුන්ගේ යාත්‍රාව ගිනිබත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
මත්ද්‍රව්‍ය තොගය සහ සාක්ෂි විනාශ කිරීම එහි අරමුණයි.
කෙසේ නමුත් සිය භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවන බව ආරක්ෂක අංශ උපුටා දක්වමින් ඉන්දීය ඒ.එන්.අයි. ප්‍රවෘත්ති සේවය වාර්තා කළා.
කෙසේ නමුත් ඉන්ධන ලීටර 24,000 ක් සහ ගෑස් ටැංකි සහිත නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාව ඉරාන ජාතිකයන් විසින් ගිනි තැබූ පසු එය නිවා දැමීමට හැකියාවක් ලැබී නැහැ.
මෙම හෙරොයින් තොගය පාකිස්ථාන ජාතිකයෙකු විසින් මෙහෙයවා ඇති බවත්, යාත්‍රාව පාකිස්ථානයේ ගෞදාර් වරායෙන් නික්මී ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.