Gossips

ලොව විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක

ස්ට්‍රාටොලෝන්ච් ලෙස නම් කෙරුණු ලොව මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක ඊයේ නිරතවුණා.
ඇමරිකාවේ කැලිෆෝනියා අභ්‍යවකාශ ගුවන් තොටින් නික්මුණු එය කාන්තාර ප්‍රදේශයක් හරහා ගමන් කළේ මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන්ගේ සිහිනයක් සැබෑ කරමින්.
බඳ දෙකක් සහ රෝද 28 ක් සහිත, 747 ජෙට් එන්ජින් 6 කින් සමන්විත මෙම දැවැන්ත ගුවන් යානයේ විහිදුනු අත්තටු පාපන්දු පිටියකට වඩා විශාලත්වයකින් යුක්තයි.
ස්ට්‍රාටොලෝන්ච් යානය, මහාවි කාන්තාරය හරහා ඊයේ පැය දෙකහමාරක් චාරිකා කළේ පැයට සැතපුම් 189 ක උපරිම වේගයක් සටහන් කරමින්.