කොච්චිකඩේ – පෝරුතොට – කම්මල්තොට මෝය කට අසළ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ තවත් තුන්දෙනෙකු සමඟ මොහු දියෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙක්.
