Gossips

අලූත් අවුරුදු උදාව අද – පුණ්‍ය කාලය පූර්ව භාග 7.45ට ඇරඹේ

උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානමින් සිටිනවා.
අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග 7.45 ට උදාවන අතර එය අවසන් වන්නේ අපරභාග 8.33 ටයි.
අලූත් අවුරුදු උදාව අපරභාග 2.09 ට සිදුවනවා.
පුණ්‍ය කාලය තුළ සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකත් චාරිත්‍රවල දැක්වෙනවා.
මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී තිබෙනවා.
එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළු බඩු ඇතුළත් අග්ගලා සහ කැවුම් පිළියෙළ කරගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 03.54 ට යෙදෙන සුබ මොහොතින් සිදුකළ යුතුයි.
රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.
මෙවර අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වැනිදා පූර්ව භාග 7.40 ට යෙදී ඇති අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 4.52ට යෙදී තිබෙනවා.