Gossips

විදුලි ඉල්ලූම අඩුවේ

පසුගිය සති දෙකට සාපේක්ෂව ඊයේ සහ පෙරේදා දිනවල විදුලි ඉල්ලූමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල මෙන්ම, කර්මාන්තශාලාවල වැඩ කටයුතු අවුරුදු නිවාඩුව හේතුවෙන් නතර කර තිබීම මීට හේතුව බවයි.
කෙසේ වෙතත්, ඉල්ලූම සාපේක්ෂව අඩු වුවද, තවදුරටත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
ජල විදුලිය උත්පාදනය කෙරෙන බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට මෙතෙක් ප්‍රමාණවත් වැසි නොලැබීම ඊට හේතුව බව ද සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.