Gossips

මීතොටමුල්ල ඛේදවාචකයට වසර දෙකයි

මීතොටමුල්ල කසල කන්ද පැවති භූමියේ නාගරික උද්‍යානයක් ඉදිකිරීමට අදාළව සිදුකළ නියමු ව්‍යාපෘතිය බොහෝදුරට සාර්ථක බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති ජගත් මුණසිංහ කියා සිටියේ ලබන මාසයේදී එම නියමු ව්‍යාපෘතිය අවසන් කරන බවයි.
මේ අතර, මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී ජීවිත හානි 30 කට වැඩි සංඛ්‍යාවක් සිදුවූ ඛේදවාචකයට අදට වසර 2 ක් සපිරෙනවා.
කෙසේ වෙතත්, ඉන් පීඩාවට පත් ජනතාවට මෙතෙක් නිසි සහනයක් ලබාදීමට රජය අපොහොසත්වී ඇති බවයි මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක නීතිඥ නුවන් බෝපගේ චෝදනා කළේ.