Gossips

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

අලූත් අවුරුද්ද උදාවත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
බීමතින් රිය පැදවීමෙන් සහ අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් වැළකී සිටීම මෙන්ම ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම ඉන් කිහිපයක්.
වැඩිහිටියන් මෙම කාලසීමාවේ කුඩා දරුවන් පිළිබදව ද දැඩි ලෙස අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියා සිටියේ.
මේ අතර, බීමත් රියදුරන් සහ මාර්ග නීති කඩ කරන රියදුරන් සොයා පොලීසිය සිදුකරන විශේෂ වැටලීම් අද සහ හෙට දිනයේ ද ක්‍රියාත්මකයි.
ඊයේ උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 289 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 9,604 ක් ලබාගත් බවයි.
ඒ අනුව මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ලබාගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 19,774 ක්.