Gossips

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සභාපතිට තර්ජනයක්

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට අද අලුයම කිසියම් පිරිසක් පැමිණ තර්ජනය කර ඇති බවට සභාපතිවරයා චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේනම් තමන් පක්ෂයේ දිස්ත්‍රික් නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
නාදුනන පිරිසක් දෙහිඅත්තකණ්ඩිය බිහිරිසොරොව්ව ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාගේ නිවසට පැමිණ තර්ජනය කර ඇත්තේ අද අලුයම 1.10 ට පමණ.
මෙම සිදුවීමට විරෝධය පළ කරමින් අද විරෝධතාවක් පැවැත්වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙන්.
මෙම සිද්ධියට සැකපිට පුද්ගයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතරල ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

rn