Gossips

නිල්වැල්ල ජනතාවගේ අවදානම් ගමන

නිසි ගමනාගමන මාධ්‍යක් නොමැතිකමින් මිනිස් ජීවිත අවදානමකට ලක්ව ඇති ගම්මානයක් පිළිබඳ අපට නෙළුව – නිල්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව, ගිං ගග අසල පිහිටි නෙළුව – නිල්වැල්ල ගම්මානයේ ජනතාව තේ වගාව සහ කිතුල් මැදීම සිය ජීවිකාව බවට පත් කරගෙන සිටිනවා.
ඔවුන්ට තම දෛනික අවශ්‍යතා සදහා ගිං ගඟ තරනය කිරීමට සිදුව ඇත්තේ පාසල, තැපැල් කාර්යාලය, ග්‍රාමීය රෝහල, සෞඛ්‍ය මධ්‍යස්ථානය ඇතුළු අයතන ගිං ගඟෙන් එතෙර ලංකාගම ප්‍රදේශයේ පිහිටා තිබීම හේතුවෙන්.
ගම්වාසීන් චෝදනා කරන්නේ 2017 වසරේදී ගිංගඟ හරහා පාලමක් ඉදිකිරීමට රජයෙන් මුදල් වෙන්කෙරුණද පසුව එම මුදල් නැවත භාණ්ඩාගාරයටම හරවා යැවුණු බවටයි.
කෝටී ප්‍රකෝටි ගණන් මුදල් සහ රාජ්‍ය සම්පත් අවභාවිත වන අවස්ථා පිළිබද නිරන්තරයෙන් වාර්තාවන කාලයක මේ ජනතාව ජීවිතයත් මරණයත් අතර සටනක් දක්වා අවදානමකට පත් කිරීම කෙතරම් සාධාරණද යන්න පිළිබද නිසි බලධාරීන් අවදානය යොමු කළ යුතු නොවේද?

rn