නව ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට බලංගොඩ ග්‍රිඩ් උපපොලට විදුලිය සම්ප්‍රේෂණය කෙරෙන රැහැන් මාර්ගයකට අකුණුසැර වැදීම හේතුවෙන් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබෙනවා.
හම්බන්තොට, ඇඹිලිපිටිය, දෙණියාය, වැලිගම යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇණ හිට ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ.
මෙම විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.