Gossips

අවුරුදු උදාවට රටම සැරසෙද්දී, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ් අවුරුදු සියනෑපුරයේ සිට ගෙන ඒමට සියලූ කටයුතු සූදානම්

අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන්, මෙවරත් නවමු අත්දැකීමක් ඔබ සැමට තිළිණ කරන්නට සූදානම්.
ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන සමඟින්.
මෙවර සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන හෙළ සිරිතට මුල්තැන දෙමින් පැවැත්වෙන්නේ සියනෑ පුරවරයේ සිටයි.
හෙට දහවල් 12 ට නැටුම් ගැයුම් වැයුම්වලින් වර්ණවත් වන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන ඇරඹෙන අතර, ප්‍රවීණ සහ ජනප්‍රිය ප්‍රතිභා පූර්ණ රංගන ශීල්පීන් සහ ශිල්පිනියන් මෙන්ම නර්තන ශිල්පීන් සියයකට අධික පිරිසක් ඊට එක්වීම විශේෂත්වයක්.
මෙවර හිරුත් එක්ක තුන් සිංහලේ අවුරුදු වැඩසටහන විචිත්‍රාංග රැසකින් වර්ණවත් වනවා. ජනකාන්ත මියැසි තරු පිරිවරා පැවැත්වෙන චාරිත්‍රානුකූලව ටෙලිවිෂන් වැඩ ඇල්ලීමේ සංගීත චාරිත්‍රය, ‘‘හිරු අවුරුදු සාජ්ජය’’ මෙන්ම, සියලූදෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ටෙලිවිෂන් මණ්ඩපයට අවුරුදු කුමර කුමරියන් සම්ප්‍රාප්ත වීමේ හිරු අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ද, වැඩසටහන අතරතුර පස්වරුවේ උත්කර්ශවත් අයුරින් සිදුකිරීමට සියලූ කටයුතු සූදානම්.