Gossips

පිලිපීනයෙන් තවත් මානව වර්ගයක සාක්ෂි

මානව ඉතිහාසයේ වෙනසක් සිදුකරමින්, වඳවී ගිය හෝමෝ ල්‍යුසොනෙන්සිස් ලෙස නම් කළ මානව වර්ගයක සාක්ෂි පිලිපීනයෙන් හමුවී තිබෙනවා.
එරට විශාලතම දූපත ලෙස සැලකෙන ල්‍යුසෝන් දූපතෙන් හමුවූ මෙම මානවයා, ආදි මානවයින්ගේ සහ මෑතකාලීන මානවයින්ගේ සම්මිශ්‍රණයක් ලෙසයි සැලකෙන්නේ.
මීට පෙර ඉන්දුනීසියාවේ ෆ්ලෝරෙස් දූපතෙන් ද, මානව ඉතිහාසයේ නව සාක්ෂි හමුවූ අතර ඊට කිලෝමීටර් 300 ක් ඈතින් පිහිටි ල්‍යුසෝන් දූපතෙන් හමුවී ඇති අස්ථි කැබලි වසර 50,000 ත් 67,000 ත් අතර කාලයකට අයත් බවට විශ්වාස කෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම මානවයා නූතන මානවයාට ශාරිරික ලක්ෂණවලින් සමාන බව එහිදී තහවුරු වී තිබෙනවා.