Gossips

වැලිගම බස් නැවතුම්පොලේදී මගියෙකුගේ පාදයක් බස් රථයකට යටවෙයි

වැලිගම බස් නැවතුම්පොල අසලදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
මාතර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක පැමිණි මෙම පුද්ගලයා අද උදෑසන අපරීක්ෂාකාරී ලෙස බස් රථයෙන් බැසීමට උත්සාහ කිරීමේදීයි ඊට යටවී ඇත්තේ.
ඔහුගේ පාදයක් බස් රථයේ ඉදිරිපස රෝදයට යටවී ඇති අතර තුවාලකරු මාතර මහ රෝහලට ඇතුලත් කෙරුනා.
බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුර බස් නැවතුම්පොළ අසල CCTV කැමරාවල සටහන් වී තිබුනා.