Gossips

උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 289ක් අත්අඩංගුවට

අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 289 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 9,604 ක් ලබාගත් බවයි.
උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් පෙරේදා සිට දිවයින පුරා ආරම්භ කෙරුණු අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ලබාගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 19,774 ක්.