Gossips

18 වන දා ඇමරිකා යුද නෞකා දෙකක් ලංකාවට

නාවික අභ්‍යාසයකට එක්වීම සඳහා ඇමරිකාවේ නාවික භටයින් රැගත් නෞකා දෙකක් ලබන 18 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
එම නාවික අභ්‍යාසය ලබන 22 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම දින කිහිපය තුළ ගොඩබිම මෙන්ම මුහුද කේන්ද්‍ර කර ගනිමින් අභ්‍යාස මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇති.
ඒ අනුව භාණ්ඩ හුවමාරු කර ගැනීම් සහ පටු ගංඟා ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් මෙන්ම කිමිදුම් කටයුතු සහ පිහිණුම් කටයුතු පිළිබදව ද එහිදී අභ්‍යාස සිදුකෙරෙනවා.
සෑම වසරකම ඇමරිකාව සමඟ මෙම නාවික අභ්‍යාසය සිදුකෙරෙන අතර, මෙම වසරේදී දෙරටේම නාවික හමුදා සාමාජිකයන් 150 දෙනා බැගින් සහභාගි වන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සදහන් කළේ.