Gossips

සෙවනගලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ

සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
අද අලූයම ප්‍රදේශයේ වගා ඉඩමක සකස් කර තිබූ වාඩියක නිදාගෙන සිටි මොවුන් දෙදෙනා මෙලෙස ඝාතනය කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 39 සහ 54 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.
ඝාතනයට හේතුව සහ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.