Gossips

කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක රන් භාණ්ඩ කොල්ලකෑමේ ජාවාරමක නිරත වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ එම සැකකරු රාගල – පහළවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
මොහු කලක සිට රාගම, කඩවත, කිරිබත්ගොඩ යන ප්‍රදේශවල නිවෙස් බිඳ රන් භාණ්ඩ කොල්ල කෑමේ ජාවාරමක නිරතව තිබෙනවා.
21 හැවිරිදි සැකකරු මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.