Gossips

පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිතයෙකු 5 වන දා දිවයිනට

පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් අල් හුසේන් කුමරු නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ලක් රජයේ ආරාධනයකට අනුව ඔහු ලබන 5 වන දා සිට 7 වන දා දක්වා මෙරට නිළ සංචාරයක නිරත වන බවයි.
සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී මිරෙද් රාද් අල් හුසේන් කුමරු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවන අතර, උතුර පළාතේ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වනවා.